මෙක්සිකොවේ, මුහුදුබත් වූ නැව් කිහිපයක සුන්බුන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙක්සිකෝවේ, යුකැටන් අර්ධද්වීපයේ සීසාල් නමැති වරාය ආශ්‍රිතව මුහුදුබත් වූ නෞකා කිහිපයක සුන්බුන් සොයා ගැනීමට පුරා විද්‍යාඥයින් සමත්ව සිටි.

සීසාල් ප්‍රදේශය සාමකාමී වෙරළතීරයක් සහිත ධීවරයන්ට ඉතා වැදගත් ස්ථානයකින් මෙම සුන්බුන් සොයාගෙන ඇත.

සොයා ගත් සුන්බුන් අතර 18 වැනි සියවසට අයත් ඕලන්ද යුද නෞකාවක් සහ 19 වැනි සියවසට අයත් බ්‍රිතාන්‍ය වාෂ්ප බෝට්ටුවක කොටස් ද වේ.

පැරණි ප්‍රදීපාගාරයක් ද සොයා ගත් බව පුරා විද්‍යාඥයින් පවසා තිබේ.

සීසාල් වරාය කරා පැමිණි නාවික යාත්‍රා ගණනාවකට එහි සිට නව ගමනාන්තයකට ළගාවීමට නොහැකි ආකාරයට එම කොටස් තැම්පත් වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *