බැඳුම්කර වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සදහන් කර ඇත.

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (03) විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වාදෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව මහබැංකුවේ පාලනයට අදාළව නීති ගණනාවක් සංශෝධනය කිරීමට සහ රජයට අහිමි කරන ලද මුදල් කඩිනමින් අත්පත් කරගැනීම සඳහා නව නීති සම්පාදනය කිරීමට ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති බවය.

නව වසරේ පාර්ලිමේන්තු පළමු රැස්වීම එළඹෙන 23 වනදා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *