දූෂණයෙන් තොර ලොවක් සඳහා වු ලෝක පාපැදි සවාරිය ශ්‍රී ලංකා සංචාරය නිමාකරයි

(කොළඹ, ලංකාපුවත්) –  දූෂණයෙන් තොර සාමකාමි ලොවක් සඳහා වු ලෝක පාපැදි සවාරියේ ශ්‍රී ලංකා සංචාරය ක්‍රියාත්මක වෙයි.

ඉන්දියාවේ කල්කටා හි ‘ ඩිබාකර් අනුස්මරණ ගවේෂකයින්ගේ පදනම ‘ (dibakar memorial explorers foundation) පාපැදි සවාරිය සංවිධාන කරන ලදී.

පසුගිය දා කොළඹින් ආරම්භ වු පාපදි සවාරිස ගාල්ල, මාතර, හම්බන්තොට, මිරිස්ස, මහනුවර, දඹුල්ල, අනුරාධපුර, ත්‍රිකුණාමලය පසුකර මඩකලපුව දක්වා ගමන් කර ආපසු කොළඹ බලා ගමන් කළේය.

ඉකුත්දා (06) කොළඹින් අවසන් වූ පාපැදි සවාරිය පිළිබද ඩීබාකර් අනුස්මරණ ගවේෂකයින්ගේ පදනමේ ක්‍රියාකාරි සභාපති ටපන් කුමාර් දාස් මහතා දඹුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ගෝලීය උෂ්ණත්වය , කාලගුණික විපර්යාස පිළිබද ජනතාව දැනුවත් කිරීම සවාරියේ අරමුණ වූ බවයි.

පරිසර දුෂණයෙන් තොර ලොවක් සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මේ වන විට මියන්මාර්, තායිලන්තය,කාම්බෝජය සහ ලාවෝසය වැනි රටවල ද තමන් පාපැදියෙන් සංචාරය කළ බව ද හෙතෙම ස`දහන් කළේය.

දඹුල්ලේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් ටපන් කුමාර් මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

“මේ සංචාරයේ දී ලංකාවේ දහස් ගනනක් ජනතාව මට මුණගැසුනා. ඔවුන් එකගවුනා අපේ පනිවුඩය සෙසු අය වෙත ගෙනියන්න.

මම ලොකු අත්දැකීමක් ලැබුවා ලංකාව තුළින්. ලංකාවේ පරිසරය සහ ලංකාවේ මිනිස්සු පරිසරයට දක්වන ආදරය ඉතාමත් විශිෂ්ඨයි.

මම ලබපු අත්දැකීම් පිළිබද සතුටු වෙනවා. මිනිස්සු ගොඩක් මට උදව්වුනා.

මේ මහ පොලව ආරක්ෂා කරන්න අපි හැමෝම දායක වෙන්න ඕනේ. ඒ ස`දහා අපට කලහැකි බොහෝ දේ තියෙනවා.

මම ඉල්ලීමක් කරනවා අපි දරන උත්සහාය පිළිබ`ද ඔබේ රටේ මාධ්‍ය තුළින් ප්‍රචාරය කරන්න කියලා. මොකද මේ රටත් ලෝකයේ බොහොම සුන්දර රටක්.

මේ මිහිතලය ආරක්ෂාකර ගැනීම ස`දහා ඔබලා සැමටම ලොකු වගකීමක් තියෙනවා.

විශේෂයෙන්ම මේ වෙලාවේ මම අවස්ථාවක් කර ගන්නවා ලංකාවේ හැමදෙනාටම ස්තුතිය පලකරන්න. ඒ වගේම මට ලංකාවේ මේ කටයුතත්ත කරන්න ඉඩ දුන්නු ශ්‍රි ලංකා රජයටත් මේ වෙලාවේ මගේ විශේෂ ස්තුතිය හිමිවෙනවා.” යැයි ද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *