ඩී.කේ.පී දසනායක ඇතුළු සැකකරුවන් ඇප මත මුදාහරී

(කොළඹ, ලංකාපුවත්) – නාවික හමුදාවේ හිටපු මාධ්‍යය ප්‍රකාශක ඩී කේ පී දසනායක මහතා ඇතුළු වූ නාවික නිලධාරීන් හයදෙනෙකු දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(09) නියම කළේය.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත මෙලෙස ඇප නියම කෙරුණි.

2008/ 2009 වසර වලදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සැකකරුවන්ට එරෙහි චෝදනාව වේ.

ඇප ලබා සිටියදී සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද සැකකරුවන්ට අවවාද කර තිබේ.

එසේම විමර්ශනවලට සහාය ලබා දෙන ලෙසටද ඔවුන්ට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *