ගිනිගනිමින් තිබෙන තෙල් නැව පුපුරායන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – චීනයට ආසන්න මුහුදේ දී අනතුරට ලක්වී ගිනිගනිමින් පවතින තෙල් නැව පුපුරා යාමේ අවදානමක් ඇතැයි, චීන බලධාරීන් සඳහන් කර ඇත.

මෙය පුපුරාගියහොත්, මහා පරිසර විනාශයක් සිදුවනු ඇතැයි, පරිසරවේදීන් අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අනතුරට ලක්වන අවස්ථාවේ තෙල් නැවේ බොරතෙල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ තිස්හය දහසක් අඩංගුව තිබුණි.

ඉරානයට අයත් මෙම තෙල් නැවේ කාර්ය මණ්ඩලය 32ක් සිට අතර, ඉන් එක් අයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

අනෙක් සියලුදෙනා අතුරුදන් වී ඇත. ඉන් වැඩිදෙනා මිය යන්නට ඇතැයි සැක පළ කෙරේ. තෙල් නැව තවමත් ගිනි ගනිමින් පවති. එහි අඩංගුව ඇත්තේ සාමාන්‍ය බොරතෙල්වලට වඩා ඝනත්වයෙන් අඩු බොරතෙල් වර්ගයක් නිසා එය පුපුරා යාමේ අවදානම වැඩි බව බලධාරීන් සඳහන් කර ඇත.

මීට අමතරව එම නෞකාවේ විෂ සහිත නෞකා ඉන්ධන තොගයක් ද පවතින බව වාර්තා වේ. මෙය, පුපුරා ගිලීගියහොත් ඉතිහාසයේ දරුණුතම අනතුරුවලින් එකක් වනු ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *