රුසියාවට යළිත් තේ අපනයන කිරීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – පෙර පරිදි රුසියාවට තේ අපනයනය කිරීම කටයුතු පසුගියදා ආරම්භ කළ බව තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවෙන් රුසියාව වෙත යැවූ තේ තොගයද කුරුමිණියෙකු සිටීම හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්ර්බ 18දා සිට රුසියාව විසින් ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම අත්හිටුවීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජය රුසියානු රජය සමග කළ සාකච්ඡාවලින් අනතුරුව පසුගිය දෙසැම්බර් 25දා එම තහනම ඉවත් කිරීමට රුසියානු රජය පියවර ගත් බවත් නැවත තේ මිලදී ගැනීම් සිදුකරන බවට දෙසැම්බර් 30දා රුසියානු රජය විසින් ලිඛිතව ශ්‍රී ලංකාව වෙත දැනුම් දුන් බවත් පෙතියාගොඩ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව වාර්ෂිව දල වශයෙන් තේ කිලෝග්‍රෑම් මිලියන 30ක් පමණ අපනයනය කිරීමට කටයුතු කරන බවත් ඉන් බිලියන 24ක පමණ ආදායමක් වාර්ෂිකව උපයාගන්නා බවත් පෙන්වාදුන් තේ මණ්ඩලයේ සභාපතිවරයා රුසියාව හා ඉරාණය ප්‍රධාන තේ ගැණුම්කරුවන් බවත් වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *