දකුණු අප්‍රිකාවේ දුම්රිය දෙකක් ගැටී 200කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 200ක් තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ජොහැන්නස්බර්ග් අගනුවර සිට කිලෝමීටර් 20ක් දුරින් පිහිටි ජර්මිස්ටන් නගරයේ අනතුර සිදුව තිබේ. දුම්රියේ ගමන් කළ මගීන් බොහෝ දෙනෙකු තම සේවා ස්ථානකරා ගමන්කරමින් සිටි බව වාර්තා වේ.

තුවාල ලැබූවන් සුලු මට්ටමේ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර තිබේ.

පසුගිය සතියේ දී එරට කෘෘන්ස්ටඩ් ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරෙන් පුද්ගලයින් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 268 දෙනෙකු තුවාල ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *