නිල ඇදුම් වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 ‍වනදා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.

වසරක් පාසා පාසල් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් වවුචර්පත් ලබාදීම රජය විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව පසුගිය වසරේ දී සිසුන් වෙත නිකුත් කරන ලද පාසල් නිල ඇඳුම් චචුරයෙහි වලංගු කාලය 2017-12-31 වනදා දක්වා වලංගුව තිබුණි.

එහෙත් කිසියම් හේතුවක් මත වවුචරපත් ලබාගැනීමට මෙතෙක් නොහැකි වූ සිසුන්ට සිදුවන අපහසුතාව සලකා බලා නිල ඇඳුම් වවුචරපත්වල වලංගු කාලය 2018-01-30 තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන පාසල් නිල ඇඳුම් වවුචරවල වලංගු කාලය 2018 ජනවාරි 30 වන දා දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *