මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ දැඩිව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දේශපාලන නියෝජිතයින් මෙන්ම යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයින් ද ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයා යුතු බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය. කිරුළපන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“රට දියුණු කරන ගමන් කොළඹ දියුණු කරන්න ඕනේ… දැන් අපේ ඩෙංගු මර්ධන ව්‍යාපාරය ගෙනියන්න තියෙනවා තවත්… ඒක කරන්න තියෙන නගර සභාවෙන්… නගර සභාවක් නැතුව ඒ වැඩ කටයුත්ත කරන්න බෑ… මොකද අන්තිමටම බිම් මට්ටමට වැඩකටයුතු කරගෙන තියෙන්නේ… උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ලේ මොකද්ද ලොකුම ප්‍රශ්නේ… මත්ද්‍රව්‍ය ඒවා දැන් නැති කරන්න අපි තදින් කියාගෙන යනවා… ඒක අපි නැති කරන්න ඕනේ… එහෙනම් හොඳ නගර සභාවක් ඕනේ… අපේ එක මන්ත්‍රීවරයෙක් එහෙම නෑ එහෙම සම්බන්ධ වුණොත්, කවුරුහරි කතාකරොත් හරි ඒගොල්ලොන්ට විරුද්ධව අපිට ක්‍රියා කරන්න ඒ ශක්තිය තියෙනවා… එක්සත් ජාතික පක්ෂයට විතරයි…. මේ ව්‍යාපාරය නැති කරන්ට… දැන් හොඳ වැඩසටහනක් නගර සභාව, පන්සල, පල්ලිය, කෝවිල එකතු කරගෙන මුස්ලිම් දේවස්ථාන එකතු කරගෙන පාසල් එකතු කරගෙන යොවුන් සමාජ එකතු කරගෙන ඒ ප්‍රදේශයේ තියෙන අනෙක් සංවිධාන එකතු කරගෙන තමයි පොලිසිය එක්ක සම්බන්ධ කරලා මේ වැඩසටහන කරන්නට යන්නේ… මං කිව්වා මත්ද්‍රව්‍ය පිළිබඳ විරුද්ධ වැඩසටහනේ මූලිකත්වය අපේ යොවුන් පාර්ලිමේන්තුවට භාර අරගෙන මේ අය එක්ක වැඩ කටයුතු කරන්න කියලා… “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *