අද ලෝක විකිපීඩියා දිනයයි

(කොළඹ, ලංකාපුවත්) – සයිබර් අවකාශයේ තොරතුරු සොයා සැරිසරන්නන්ට කදිම විශ්ව දැනුම් ගබඩාවක් උරුම කර දෙමින් 2001 වසරේ අද වැනි දිනක(ජනවාරි15) විකිපීඩියා වෙබ් අඩවිය ආරම්භ කර ඇත.

1993 වසරේ දී රික් ගේට් නම් අන්තර්ජාල විශේෂඥයා විසින් සකසන ලද යෝජනාවලියකට අනුව මෙම වෙබ් අඩවිය අරඹනු ලබන්නේ අන්තර්ජාල විශේෂඥයින් දෙදෙනෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ජිවී වේල්ස් හා ඇමරිකානු ජාතික ලැරී සන්ගර් විසිනි.

මෙය ලෝකයේ ඕනෑම කෙනෙකුට යාවත්කාලීන කල හැකි විශ්වකෝෂයකි.

2000 වසරේ නුපිඩීයා(Nupedia) යනුවෙන් නම් කොට තිබුනද 2001 වසරේ දී මෙය විකිපීඩියා නමින් ප්‍රසිද්ධ කරන ලදි.

ඇලෙක්සා නම් වෙබ් අඩවි දත්ත ලබා දෙන වෙබ් අඩවියට අනුව ලොව පස් වැනි වැඩිම පිරිසක් ඇතුල් වන වෙබ් අඩවිය වන්නේ විකිපීඩියා වෙබ් අඩවියයි.

අද වන විට විකිපීඩියා තුළ ඇති දැනුම් හා තොරතුරු සම්භාරය මෙතැකැයි කියා කීමට බැරි තරමට එය ලෝකයේ සියලු දෙනා එකතුව යාවත්කාලීන කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *