පේරු රාජ්‍යට ප්‍රභල භූ චලනයක්

(කොළඹ, ලංකාපුවත්) – පේරු රාජ්‍යයේ ප්‍රභල භූ චලනයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පේරු රාජ්‍යයේ දකුණු ප්‍රදේශයේ සිට කිලෝමීටර් 124ක් එපිට මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් මුහුදු පතුල තුල මෙම භූ චලනය සිදුව තිබේ.

මෙම භූ චලනය රික්ටර් මාපකයේ ඒකක 7.3ක් ලෙස සටහන්ව ඇත.භු චලනයෙන් අනතුරුව එරට සුනාමි අනතුරු ඇගවීමක්ද සිදුකොට ඇතැයි වාර්තා වේ.

මේ අනුව වෙරළ ආසන්න ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇති බවද විදෙස් වාර්තා සදහන් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *