තුර්කි ගුවන් යානයක් කඩා වැටීමට ගොස් බේරෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගුවන් තොටුපලට ගොඩබැස්සවීමේදී කඩා වැටීමට ගිය තුර්කි ගුවන් යානයක් කළු මුහුදට ආසන්නයේ වෙරළ තීරයේ නතරවී තිබේ.

තුර්කියේ පෙගාසස් ගුවන් සේවයට අයත් යානය, එරට ට්‍රැප්සන් ගුවන් තොටුපල ආසන්නයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇතැයි වාර්තා වේ.

එය තුර්කියේ අන්කාරා අගනුවර සිට පැමිණි බව සදහන්ය.

යානය අනතුරට ලක්වන විට මගීන් 160 දෙනෙකු, කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ගමන්කරමින් සිට ඇත. කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙරළතීරයේ සිරවූ යානය ගොඩගැනීම සදහා මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *