පැපුවා නිව්ගිනියාහි ගිනි කන්දක් සක්‍රිය වේ

(කොළඹ, ලංකාපුවත්) – පැපුවා නිව්ගිනියාහි ගිනි කන්දක් සක්‍රිය වී තිබේ.

1500යක පමණ පිරිසක් ඔවුන් ජීවත් වූ වාසස්ථානවලින් ඉවත් කෙරුණු බව අන්තර්ජාතික රතු කුරුස සංවිධානය සදහන් කර ඇත.

කැඩොවර් නම් දූපතේ ගිනි කන්ද පසුගිය සතිය තුළදී සක්‍රීය වන ලකුණු පෙන්නුම් කර තිබුණි. දුමාරය සහ අළු පිටවීමත් සමග අදාළ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පැපුවා නිව්ගිනියා වෙත බලපාන ගිනි කදු කිහිපයක්ම පවති. කැඩොවර්හි ගිනි කන්දෙන් විස සල්ෆර් ඩයොකසයිඩ් වායු විමෝචනය වූ බව විද්‍යාඥයන් පවසයි.

විස දුම් සහිත වායු මීටර් 600ක් පමණ ඉහළ අහසට විහිදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *