2018 දී ශ්‍රී ලංකා ආර්ථිකය 5%කින් වේගවත් – ලෝක බැංකුව

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 දී 5%කින් වේගවත් වනු ඇතැයි ලෝක බැංකුව සිය නවතම ආර්ථිකය අනාවරණය පවසයි.

එමෙන් ම දකුණු ආසියාව පිළිබඳ ව ලෝක බැංකුව පවසන්නේ 2018 දී 6.9%ක වර්ධනයක් අත්පත් කරගන්නා බවත් පරිභෝජනය ශක්තිමත් ව පවතින අතර අපනයන යථා තත්ත්වයට පත්ව ආයෝජන යහපත් ලෙස පවතිනු ඇති බවයි.

2018 – 2019 මූල්‍ය වර්ෂයේ දී ඉන්දියාව 7.3%ක වර්ධනයක් ලබාගනු ඇති අතර 2019 – 2020 වර්ෂයේ දී එය 7.5%ක වර්ධනයක් වනු ඇත. පෞද්ගලික අංශ භාණ්ඩ හා සේවා බද්ධට හුරුවෙමින් පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ යනු ඇත.

ඉන්දියාව හැර ගත් විට කලාපය 2018 වසරේ දී 5.8%ක වර්ධනයක් ද 2019 වසරේ දී 5.9%ක වර්ධනයක් ද ලබනු ඇත. පකිස්ථානය 2018 – 2019 වසරේ දී 5.8%ක, බංග්ලාදේශය 6.7%ක්ද අත්පත් කරගනී. ශ්‍රී ලංකාව 2018 දී ශක්තිමත් පෞද්ගලික පරිභෝජන හා අයෝජනා වර්ධනයක් පෙන්වමින් 5%ක වේගයක් අපත් කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *