දුනු විදීමේ ලෝක කුසලානයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොලිස් නිලධාරියෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය මගින්සංවිධාන කළ ලෝක කුසලාන අදියර 01 තරගාවලියට සහ ආසියානු 01 තරගාවලියට සහභාගගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට පවත්වනු ලැබූ තරගාවලියක් පසුගිය 13 සහ 14 දිනවල ටොරින්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව පුරා සිටින දුනු විදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67දෙනෙකු මේ සදහා සහභාගී වූහ.

එහිදී ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සහභාගී වූ උප පොලිස් පරීක්‍ෂක සුනෙත් චන්දන අබේගුණසේකර ක්‍රීඩකයා විසින් ලකුණු 620ක පරිසාධන මට්ටම ඉක්මවා ලකුණු 635ක් හා ලකුණු 642ක් ලබා ගනිමින් ඉහත තරගාවලි දෙකටම සහභාගී වන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *