උදෑසන ශීත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලත්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයන් සමඟ ශීත කාලගුණික තත්ත්වය ඉදිරි දිනවල ද උදෑසන සහ රාත්‍රී කාලයේ අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ඉදිරි දිනවල හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෛන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්‍ෂා කෙරේ.

එසේම දිවියනේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්‍සා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *