ශ්‍රී ලංකාව හා සිංගප්පූරු අතර නිදහස් වෙළද ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙද ගිවිසුමක් අත්සන් කෙරේ.

ඒ අනූව අවසන් කෙටුම්පත් ගිවිසුමට නීතිපතිවරයාගේ නිශ්කාෂනය ලබාගැනීමට යටත්ව ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙද ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

භාණ්ඩ හා සේවා වෙළෙදාම, සේවා නිදහස් කරනය, ආයෝජන, රාජ්‍ය ප්‍රසම්පාදන, තරගකාරීත්වය ආදී ක්ෂේත්‍රවලට අදාළ විධි විධාන යෝජිත නිදහස් වෙළෙද ගිවිසුමට ඇතුළත් වේ.

සංශෝධන හඳුන්වාදීම තුළින් අයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් ගොඩ නැගෙන අතර ශ්‍රි ලංකාවට සිංගප්පූරුවෙන් ලැබෙන සෘජු විදේශ අයෝජන සංඛ්‍යාව මේ අනූව ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *