අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන්ට බලපෑම් කළ අයෙක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කරන බවට බලපෑම් කර ලිංගික හිරිහැර සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.‍

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර ඊයේ(17) වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.

ඔහු මෙම ක්‍රියාව සදහා යොදා ගත් Delux වර්ගයේ පර්ගණක මධයම දත්ත සැකසුම් ඒකකයක් හා ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අද(18) අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළම අපරාධ කොට්ඨසය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *