මත්පැන් මිලදී ගන්න කාන්තාවන්ට යලිත් තහනම්

(කොළඹ, ලංකාපුවත්) – මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියා කිරීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර තිබූ සුරාබදු ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කලේ.එමෙන්ම සුරාසැල් වීවෘත කිරීමේ වේලාවන් දීර්ඝ කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයද මුදල් අමාත්‍යවරයා අද (18) දින ඉල්ලා අස්කරගෙන ඇත.

මෙලෙස ඉල්ලා අස්කරගන්නා ලද නිවේදනය සදහන් කරමින් සුරාබදු පනත යටතේ නිකුත් කරන ලද අංක 03/2018 සහ 04/2018 දරණ සුරාබදු නිවේදනය ඇතුලත් අතිවිශේෂ ගැසට් පත්‍රය සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද දින අත්සන් තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *