එවරස්ට් තරණය කරන දෙවන ශ්‍රී ලාංකිකයාට සියලු රටවැසියන් සහාය දිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – යොහාන් පීරිස් මහතා විසින් දෙවන වරටත් එවරස්ට් කන්ද තරණය කිරීමට ගනු ‍ලබන උත්සාහයට සහාය දැක්වීම වෙනුවෙන් ඊයේ (17) හිල්ටන් හෝටලයේ පැවති “Climb with Jahann” ක්‍රියාදාමය දියත් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් මෙසේය.

“හිමාලයේ එවරස්ට් කන්ද තරණය කරන දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට යොහාන් පීරිස් උත්සාහ කරනවා. පසුගිය වසරේ යොහාන් සහ ජයන්ති දෙදෙනාම මේ සඳහා සහභාගී වුණා. එහිදී එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට හැකියාව ලැබුණේ ජයන්තිට පමණයි. යොහාන්ට කඳු මුදුනටම ළඟා වීමට නොහැකි වුණා. ඒ නිසා යොහාන් පීරිස් මෙවර යලි උත්සාහ දරන්නේ කඳු මුදුන තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමටයි. ඒ සඳහා ඔහුට අපේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා අද මගේ සහයෝගය ඔහුට ලබාදුන්නා. ඒවගේම අප ලාංකිකයන් ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස මම සෑම ශ්‍රී ලාංකිකයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. ”

එම අවස්ථාවට මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය සහ එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන ජයන්ති කුරු උතුම්පළ මහත්මිය ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *