සිංගප්පූරු අගමැති දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ (Lee Hsien Loong)මහතා ඇතුළු දූත පිරිස ලංකාවේ දින 03 ක සංචාරයක් සඳහා මීට අද(22) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 303 දරන ගුවන් යානයෙන් අද(22) දින 4.20 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත සිංගප්පූරු රාජ්‍ය නායකයෙකු වසර 13 කට පසුව ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයකි.

මෙම සිංගප්පූරු අග්‍රාමාත්‍යතුමා සමග දූත පිරිස 35 දෙනෙකු පැමිණ සිටින අතර , ඔවුන් 1/24 දින යළිත් ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු යෑමට නියමිතය.

මෙම පිරිස පිළිගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා දූත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *