බැදුම්කර වාර්තා පාර්ලිමේන්තුවට – විමර්ෂණ වාර්තා සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජ ගත වීම සුදුසු නෑ

(කොළඹ, ලංකාපුවත්) –මහබැංකු බැදුම්කර වාර්තාව හා බරපතල අපරාධ විමර්ෂණ වාර්තා සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජ ගත වීම සුදුසු නොවන බව කතානායක කරු ජයසූරිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මහබැංකු බැදුම්කර වාර්තා සහ බරපතල වංචා දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් පාර්ලිමේන්තුවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිළි කරමින් කතානායකවරයා මෙසේ පැවසීය.

එකී වාර්තා පාර්ලිමේන්තුවට ලැබී ඇති බවත් වාර්තා පිටු ප්‍රමාණය අතිවිශාල වුවත්,මහබැංකු බැදුම් කර වාර්තාව හා මන්ත්‍රීවරුන්ට ලැබෙන ආකාරයට මුද්‍රණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබේ.

තවද වාර්තා සී ඩී තැටි මඟින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත. මහබැංකු බැදුම්කර වාර්තාව හා බරපතල අපරාධ විමර්ෂණ වාර්තා සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජ ගත වීම සුදුසු නොවන බවද පැවසූ කතානායකවරයා බැදුම්කර වාර්තා පාර්ලිමේන්තුවට ලබාගැනීම සම්බන්ධව පසුගිය දිනවල පාර්ලිමේන්තුව සිදු කළ ක්‍රියාවලිය පැහැදිළි කළේ ය.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් බැදුම්කර වාර්තාව සහ බරපතල වංචා දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තා අද (23) සභාව වෙත ඉදිරිපත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *