ශ්‍රී පාද අඩවියේ හමුවු පා සටහන් පිළිබඳ පරීක්‍ෂණ

(කොළඹ, ලංකාපුවත්) – මස්කෙළිය ගාඩිමෝර් නවෆෝප්මොර් වතුයායේ ගල්තලාවක් මතින් මතුවු විශාල පා සටහන් වලට සමාන පාද සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තෙමින්තුවේ නිළධාරින් ඊයේ(23) එම ස්ථානයට පැමිණ පරික්‍ෂණ ආරම්භ කර ඇත.

පුරා විද්‍යා දෙපාර්තෙමින්තුවේ මහනුවර මධ්‍යම කලාප භාර නිළධාරින් පිරිසක් මෙසේ පැමිණ විමර්ෂණ ආරම්භ කර තිබේ.

එම පාද සටහන් වල සියලූ විස්තර පුරා විද්‍යා දෙපාර්තෙමින්තුවේ නිළධාරින් විසින් ලබා ගත් අතර මෙම පාද සටහන් සම්බන්ධයෙන් පුලූල් විමර්ෂණයක් සිදුකර නිගමනයකට පැමිණ වාර්තාවක් ඉදිරියේදි නිකුත් කරන බව පුරා විද්‍යා පරික්‍ෂණ නිළධාරි පාලිත අත්තනායක මහතා පැවසීය.

මෙම පාද සටහන් මුලින්ම දැක තිබු වතුකම්කරුවන්ගෙන් පුරා විද්‍යා නිළධාරින් විසින් ප‍්‍රකාශ කිහිපයක්ද සටහන් කර ගෙන ඇත.

ඉකුත් 20වනදා එම වතුයායේ වතුකම්කරුවන් විසින් මෙම පාද සටහන් දැක තිබුණි.

එම පා සටහන් වලට මේ වන විට වතුකම්කරුවන් පුද සත්කාර කරන අතර එම පාද සටහන් දැක ගැනිමට ප‍්‍රදේශයේ විශාල පිරිසක් දිනපතා එම වතුයායට පැමිණෙමින් සිටින බවද වාර්තාවේ.

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් ශ්‍රිපාද රක්‍ෂිතයට ආසන්නයේ විශාල ගල් තලාවක් මත පිහිටා ඇති මෙම පාද සටහන් වලින් දකුණු පාදය පැහැදිලිව දිස්වන අතර වම් පාදයේ සටහන් තරමක් මැකි ගොස් තිබේ.

අඩි එකහාමාරක් පමණ දිගකින් යුක්ත මෙම පාද සටහන් අගල් තුනක් පමන ගල් තලාව මතට ගිලා බැස තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *