ප්‍රවීන ජන සංගීතවේදීන් සමඟ විහාර මහා දේවී උද්‍යානයේ දී සිව් දෙස ජන නාදේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නෝර්වේ සංගීත සහයෝගීතාව‍යේ දී ශ්‍රී ලංකාවේ ප්‍රකට වූ ජන සංගීතවේදීන්ගේ සංගීත රාවය 2018 ජනවාරි 28වනදා සවස 06.30ට විහාර මහා දේවී එළිමහන් රංගපීඨයේ දී ආරම්භ වේ.

මේ සදහා ඇතුල්වීම නොමිලේ වන අතර රවිබන්දු බෙර වාදක කණ්ඩායම, නාද්‍රො‍් සහ නටන්ඩා, බලිෆොනික්ස් – මියුසික්මැටර්ස්, මියැසි ජන සංගීත කණ්ඩායම, සදිසි බෙර වාදකයෝ සහ දමිළ මුරස සහ ආරාධිත බංගලිදේශ චිර්කුට් කණ්ඩායම වේ.

පුරා වසර නවයක් අඛණ්ඩව පැවැත්වූ යාපන සහ ගාලු සංගීත උළෙලයන්හි අවසානය ශ්‍රී ලංකේය ජන සංගීතය සදහා වූ ‘සිව් දෙස ජන නාදේ 2018’ සංගීත වැඩසටහන වේ.

‘සිව් දෙස ජන නාදේ 2018 ‘ ජන සංගීතවේදීන්ගේ, ජනවාර්ගික කණ්ඩායම්, ජන සංගීත සම්ප්‍රදායන්, නූතන සංගීත නව්‍යකරණයන් හරහා විවිධත්වයන් අනුව පෙළ ගස්වා ඇත.

මෙදින උදෑසන 09.30ට දරුවන්හට අක්කරෙයිපත්තුව සුෆී සංගීත කණ්ඩායම, මඩකලපුවේ පෘතුගීස් බර්ගර්, පුත්තලම සිලෝන් කපීර්මංජා, අම්බලන්ගොඩ සාරංග රූකඩ කණ්ඩායම, මඩකලපුවේ පරෙයිමේලම් කණ්ඩායම, මුලතිව් කරහම් සහ කුඩාමොතල් කුම්මි කණ්ඩායම, කොළම සඳිසි බෙර කන්ඩායම, පවර් ඔෆ් ප්ලේ හි සුලෝචනා දිසානායක සහ මියුසික්මැටර්ස් – සුමුදි සුරවීර ඇතුළු කණ්ඩායම විශේෂයෙන් එකිනෙකට වෙනස් පරාසයන් තුළ දරුවන් හට නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් තුළින් වින්දනයක් ලබා ගැනීමටත් කලාකරුවන් හා සම්බන්ධ වී අන්තර් ක්‍රියාකාරකම් කිරීමට විවෘත ඉඩ ප්‍රස්තාවන් තම තමන්ගේ නිර්මාණ ප්‍රකාශ කිරීම සදහා නිදහස් වවටපිටාවක් ආදී වශයෙන් සලසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *