කුවේටයේ නීතිවීරෝධීව රැදී සිටින්නන්ට පොදු සමාකාලයක්

(කොළඹ, ලංකාපුවත්) – කුවේට් රජය විසින් නීතිවිරෝධී අන්දමින් එරට රැදී සිටින්නන්ට පොදු සමා කාලයක් ලබා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

ඒ අනුව ජනවාරි මස 29වනදා සිට පෙබරවාරි 22වනදා දක්වා වීසා නීති උල්ලංඝනය කර ඇති පුද්ගලයින් සදහා මෙම පොදු සමා කාලය හිමි බව එර‍‍ට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

මෙම පොදු සමා කාලය යටතේ නීත්‍යානුකූලව වීසා නොමැතිව කුවේටි හි වෙසෙන විදේශිකයන්ට අදාළ දඩ මුදල් ගෙවීමකින් තොරව සහ අදාළ ආයතනවල විශේෂ අවසරයක් ලබාගැනීමෙන් තොරව එරටින් පිටවිය හැකිය. මෙසේ පිටවන අයට නීත්‍යානුකූල අයුරින් නැවත කුවේට් වෙත පැමිණීමට අවසර ලැබෙනු ඇත.

තවද මෙම සමා කාලය තුළ දී තමන් විසින් ගෙවීමට ඇති සියළු දඩ මුදල් ගෙවා, වලංගු වීසා බලපත්‍රයක් ලබාගෙන තවදුරටත් කුවේට් රටේ රැදී සිටීමට ද අවසර හිමිවේ.

ගමන් තහනම් හෝ උසාවි මඟින් තහංචි පනවා ඇති අයට මෙම පොදු සමාව අදාළ නොවන අතර එවැනි නීතිමය ගැටළු ඇති අය ළඟම ඇති ජවසාත් වෙත ගොස් තම ගැට්‍ය විසදා ගැනීමට පියවර ගත යුතු බවද දැනුම් දේ.

මේවන විට කුවේට් රාජ්‍යයේ 15,447කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් වලංගු වීසා නොමැතිව රැදී සිටින බව සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *