ලක්ෂ 20ක ධීවර දැල් විනාශ කරලා

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරමේ තෝට්ටවේලි,පාප්පමෝට්ටේ හා තාවුල්පාඩු යන ප්‍රදේශ වල ධීවරයින් සතු රුපියල් ලක්ෂ 20 ක පමණ දැල් කිසියම් පිරිසක් විසින් මහ මුහුදේදී කපා විනාශ කොට තිබේ.

පසුගිය 24වනදා රාත්‍රී කපා දමා ඇති දැල් සංඛ්‍යාව 17 ක් වන අතර තවත් දැල් 4 ක් දැල් කපන ලද පිරිස විසින් අකුලා ගෙන ගොස් ඇති බවද මන්නාරමේ ධීවරයන් සදහන් කළේය.

මන්නාරමේ ධීවරයින් විසින් එලන ලද මෙම දැල් කපා දමන ලද්දේ කවුරුන් විසින්ද යන්න ඔවුන්ට අනුමාන කල නොහැකි බව එම ධීවරයන් මන්නාරම ධීවර අධ්‍යක්ෂවරයාට කල පැමිණිල්ලේ සදහන් කොට තිබේ.

මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂවරයා මේ පිළිබදව පළාතේ නාවික හමුදා ප්‍රධානීන්ටද පොලීසියටද දැණුම් දී ඇත.

ආරක්ෂක අංශ නිලධාරීන් මේ පිළිබදව පරීක්ෂණ දියත් කොට ඇතත් මන්නාරමේ ධීවරයින් පවසන්නේ ඔවුන්ගේ දැල් සියල්ලම කපා දමා තිබීම නිසා ඔවුන්ට ධීවර රැකියාව කරගෙන යාමට නොහැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *