‘පද්මාවත්’ට විරෝධය පළ කරමින් ඉන්දීයාවේ පාසල් කිහිපයක් වැසේ

(කොළඹ, ලංකාපුවත්) –මහත් ආන්දෝලනයට තුඩුදුන් බොලිවුඩ් චිත්‍රපටයක් වන පද්මාවත් තිරගත කිරීම ආරම්භ කිරීමත් සමඟ ඉන්දියාවේ දිල්ලි අගනුවරට ආසන්න ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතුකර ඇත.

ඉකුත් 24වනදා එම චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ විය.

මෙම චිත්‍රපටයට විරෝධය පලකරන කණ්ඩායම් කඩසාප්පු සහ වාහන ගිනිබත් කරමින් කලහකාරීව හැසිරීම මීට හේතුව වේ.

පද්මාවතී රැජිණගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයෙන් ඉතිහාසය විකෘති කිරීමක් සිදුකර ඇති බව ඇතැම් පිරිස් චෝදනා කර සිටී.

එහෙත් මෙම චිත්‍රපටයේ නිර්මාණකරුවන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

පසුගිය මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය චිත්‍රපටය ලොව පුරා බෙදා හැරීම වළක්වාලීම සඳහා ගොනුකර තිබූ නඩුවක් ප්‍රතික්ෂේප කරනු ලැබීය. පද්මාවතී ලෙස නම්කර තිබූ චිත්‍රපටය පද්මාවත් ලෙස වෙනස්කර ප්‍රදර්ශනය කිරීමට පසුව තීරණය කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *