කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 95ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 95 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්විය.

150 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ප්‍රධාන කාර්යාල මෙන්ම තානාපති කාර්යාල පිහිටි ප්‍රදේශයක බෝම්බ පිපිරීම සිදුව ඇත.

ගිලන් රථයක රෝගියෙකු ගෙන යන ආකාරයෙන් බෝම්බකරු පළමු ආරක්‍ෂක මුරපොළින් ඇතුළු වී ඇතග දෙවන මුරපොළේ දී පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා ඇති බවට මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *