නව ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාව සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව නව ඉන්දීය විදේශ ලේකම් විජය කෂාව් ගෝඛාලේ මහතා සදහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

චීනයේ සහ නැගෙනහිර ආසියාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා ඉන්දියාවේ විදේශ ලේකම් ලෙස අද (30) සිට කටයුතු කරනු ලැබේ. ඒ අනුව ඉදිරි දෙවසර සඳහා ඔහු එම ධූරයේ ක්‍රියාකරනු ඇත.

1981 වසරේ සිට ඉන්දියානු විදේශ සේවයේ නිලධාරියෙකු ලෙස ගෝඛාලේ මහතා කටයුතු කරනු ලැබේ.

එසේම නව ධූරයේ වැඩ භාර ගැනීහට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ (ආර්ථික සබඳතා) ලේකම්වරයා ලෙස ලෙස ද ඒ මහතා ක්‍රියා කළේය.

විදේශ ලේකම්වරයා මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ඉන්දියාවේ අසල්වැසියන්වන නේපාලය, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ මියන්මාරය වැනි රටවල් සමඟ ඇති සබඳතා වැඩිදියුණු කිරීමට තමන් සූදානම් බවය.

පකිස්ථානය සමග කටයුතු කිරීමේදී ඉන්දියාවේ ප්‍රවේශයට යම් යම් වෙනස්කම් සිදු කිරීමට වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර ඇත.

මේ මස මුලදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසින් විදේශ ලේකම්වරයා ලෙස විජය කෂාව් ගෝඛාලේ මහතා පත් කිරීම අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *