ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ලෝකයේ රටවල් 118ක උත්සව පැවැත්වීමට රජය පියවර ගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධාන මගින් මෙම නිදහස් උත්සව සංවිධානය කොට ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමරු ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවන ශ්‍රී ලංකාවේ 70වැනි ජාතික නිදහස් උත්සවය සඳහා ජපානය සහ චීනයෙන් ද විශේෂ නියෝජිත පිරිස් පැමිණෙන අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් මේ වන විට තහවුරු කොට ඇති බවද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *