ජපානයේ සුබ සාධන මධ්‍යස්ථානයක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ සුබ සාධන මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙහි පුද්ගලයින් 16 දෙනෙක් සිට ඇති අතර ඉන් සිව්දෙනෙක් ගිනිනිවන භටයින් විසින් බේරාගෙන තිබේ. වැඩිහිටියන් රදවා සිටින මෙම නිවාසය මහල් තුනකින් සමන්විතය.

ගින්නට හේතුව සෙව්ම සදහා බලධාරීන් පරික්ෂණ ආරම්භ කොට ඇතැයි වාර්තාවේ.

2010 වසරේ මෙහි සාත්තු නිවාසයේ ඇතිවූ ගින්නකින් 7 දෙනෙක් ජිවිතක්‍ෂයට පත්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *