(කොළඹ, ලංකාපුවත්) –ඡන්දය ප්‍රකාශ කිරීමේදී එක් කතිරයක් පමණක් යොදන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ආබාධිත ඕනෑම අයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන බව ද ඒ මහතා සදහන් කළේය.
මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා,
“ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ එකම එක කතිරයක් පමණක් යෙදීමෙනි… දෘෂ්‍යාබාධිත, කථනාබාධිත, ශ්‍රවණාබාධිත හෝ චලනාබාධිත ඕනෑම අයෙකුට සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට ඇති අයිතියම තිබේ.. හැකි සෑම අවස්ථාවකදීම රෝද පුටුවලින් පැමිණෙන අයට ආනත තල ඇති කිරීමට ග්‍රාම නිලධාරීන් හැකි අයුරින් කටයුතු කරනවා ඇති… ඡන්දය ලකුණු කිරීමට තරම් අපහසු ශාරිරීක ආපහසුතාවයෙන් හෝ දෘෂ්‍යාබාධයෙන් පෙළෙන තැනැත්තෙකුට තමන්ට ඡන්දය දැමීමට සහායකයෙකු කැඳවාගෙන ඒමට හැකි වෛද්‍ය වාර්තාවක් සහ එය ග්‍රාම නිලධාරීන් විසින් සහතික කිරීමෙන් අනතුරුව එම සහායකයාට අපගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ඉදිරිපිට දී ඡන්දය සලකුණු කරන්නට පුළුවන් ඡන්දහිමියා කියන පරිදි.. යම් ආකාරයකින් සහායකයෙකු කැඳවාගෙන ඒමට නොහැකි නම් මෙයට කළ සිදු කල පරිදි ඡන්දය ලකුණු කිරීමට පුළුවන් අපගේ ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ලවා… ඔහු විසින් සැම විටම කාර්ය මණ්ඩලයේ තවත් අයෙකු සාක්ෂිකරුවකු ලෙස තබා ගත යුතුයි….”