නිදහස් දිනයට ආශිර්වාද කරමින් ආගමික වතාවත්

(කොළඹ, ලංකාපුවත්) – ”එකම දැයක්” තේමාව කරමින් සැමරෙන 70 වැනි නිදහස් උත්සවයට සමගාමීව අද (4) දිනයේ ආගමික වතාවත් රැසක් පැවැත්වෙයි.

ඒ අනුව,අද පෙ.ව. 6.30ට කොල්ලුපිටිය පොල්වත්ත ධර්මකීර්ත‍යාරාම විහාරස්ථානයේ දී බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරේ.

හින්දු ආගමික වතාවත් පෙ.ව. 6.30ට කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම්වානේෂ්වරර් කෝවිලේ දී පැවැත්වෙයි. ඉස්ලාම් ආගමික වතාවත් පෙ.ව. 6.00 ට කොළඹ 02 අක්බර් ජුම්මා මස්ජිදයේ ද කතෝලික දේව මෙහෙය පෙ.ව. 6.30ට කොළඹ 10, මරදාන ෆාතිමා දේවස්ථානයේ දී පැවැත්වෙයි. ක්‍රිස්තියානි දේව මෙහෙය පෙ.ව. 6.30ට වේල්ලවිදියේ මෙතොදිස්ත දේවස්ථානයේ දී පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *