උතුරු කොරියාවෙන් 280ක් ද.කොරියාවට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගිවීම සඳහා උතුරු කොරියාවෙන් 280දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තිබේ.

විශේෂ පුහුණුව ලත් 229 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මාධ්‍යවේදීන් මෙන්ම ටයිකොන්ඩෝ කණ්ඩායම් සාමාජිකයෝ ද ඔලිම්පික් උළෙලට සහභාගිවී සිටින බව උතුරු කොරියාව පවසයි.

මෙම ඔලිම්පික් උළෙල ලබන සිකුරාදා ආරම්භවීමට නියමිතය.

මේ සඳහා සහභාගිවීමට 140 දෙනෙකුගෙන් සමන්විත කලා ශිල්පීන් කණ්ඩායමක් ද ඊයේ දිනයේදී දකුණු කොරියාවට පැමිණ ඇත. මෙම පිරිස පෙරහුරු සඳහා සහභාගිවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *