චිතගොං උසස් මට්ටමක නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග පළමු ටෙස්ට් තරගය පැවති චිතගොං ක්‍රීඩාංගණයේ තණ තීරුව උසස් මට්ටමක නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට තිබේ.

මෙම තණ තීරුව තුල පන්දු යවන්නන්ට කිසිදු සහයක් ලබා නොදුන් බවත් එම තණතීරුව හොද තරගයක් පැවැත්වීමට සුදුසු නොවන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට ඇත.

මේ අනුව මෙම ක්‍රීඩාංගණයේ මාස 12ක කාලයක් තරග නොපැවැත්වෙනු ඇති බව පැවසේ.

මෙම තරගයේ තීරක ලෙස කටයුතු කල ඩේවිඩ් බූන්ද මේ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කොට තිබෙන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *