දූෂණ චෝදනා එල්ල වී ඇති අය පිළිබඳ පියවර ගත්තේ එක්සත් ජාතික පක්‍ෂය පමණයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – දූෂණ චෝදනා එල්ල වී ඇති අය පිළිබඳ පියවර ගත්තේ එක්සත් ජාතික පක්‍ෂය පමණක් බවත් වෙනත් කිසිදු පක්‍ෂයකට එම හැකියාව පැවතුණේ නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල පැවති ජන රැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය සංවිධාන කර තිබුණි.

මේ අතර මාතලේ දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජන හමුවක් සංවිධාන කර තිබුණි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *