විකිලීක්ස් නිර්මාතෘ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තහවුරු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් (Julian Assange) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තවදුරටත් බල පැවැත්වෙන බව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත.

මෙම වරෙන්තුව නිකුත් කළ “අරමුණ නැති වී ගොස්” ඇති හෙයින් එය ඉවත් කර ගන්නා ලෙසට අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

ජුලියන් අසාන්ජ්ට එරෙහිව අදාළ වරෙන්තුව නිකුත් කෙරුණේ 2012 වසරේ දී ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන සරණාගතභාවය පැතීම හේතුවෙනි.

ලිංගික අතවර සම්බන්ධයෙන් ස්වීඩනය තුළ චෝදනා ලැබ සිටින අසාන්ජ් එරටට පිටමං කිරීමට මුහුණදී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *