රුසියාවේ ගුවන් අනතුර ගැන විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ පුද්ගලයින් 71 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

අනතුරට ලක් වූ සරාටොෆ් ගුවන් සේවයට අයත් ඇන්ටනොෆ් AN 148 යානය පිලිබඳ මෙලෙස විමර්ශන ආරම්භ කර ඇත.

මොස්කව් අගනුවරට කිලෝමීටර් 80ක් ගිනිකොන දෙසින් පිහිටි අගුනෝවා ප්‍රදේශයේදී ගුවන් යානය අනතුරට ලක් විය.

එහෙත් දොමොජිදවෝ ගුවන්තොටුපලින් පිටත් වූ යානය ඕස්ක් නගරයට ඉහළින් ගමන් කරමින් තිබියදී අතුරුදන් වූ බව එරට ආරංචි මාර්ග පෙර සඳහන් කර තිබුණි.

කාළගුණ තත්ත්වය, කාර්ය මණ්ඩල දෝෂ හෝ තාක්ෂණක දෝෂයන් අනතුරට හේතුවූවාද යන්න පිළිබඳ සොයා බලන බව බළධාරීන් පවසනු ලැබේ.

යානයේ සුන් බුන් විශාල ප්‍රදේශයක් පුරා විසිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් විපතට පත්වූවන් වෙනුවෙන් තම ශෝකය පල කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *