තුන්වන දරුවා පිළිගැනීමට විලියම් – කේට් සුදානම

(කොළඹ, ලංකාපුවත්) – සිය තෙවන දරු උපත පිළිබඳ මේ වන විට බ්ල බ්‍රිතාන්‍ය විලියම් – කේට් රාජකීය යුවළ අපේක්ෂාවෙන් පසුවේ.

පෙරේදා (11) රාත්‍රියේ කෙන්සිංටන් මාළිගයේ පැවති උත්සවයකදී කේම්බ්‍රිඩ්ජ් ආදිපාද විලියම් කුමරු සිය පවුල් ජීවිතය ගැන විවෘතව කතා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී ඔහු අමුත්තන්ට පවසා ඇත්තේ “අපේ තුන්වන දරුවා අප්‍රේල් මාසයේදී අප අතර එන්නට නියමිත බවත් මේ වන විට මට හැකි තරම් නින්දක් ලැබෙනවා.” යනුවෙන් ය.

අලුතෙන් පවුලට එක්වීමට සිටින අමුත්තා ගැන බලාපොරොත්තු සහිතව සිටියත් විලියම් කුමරු තව දුරටත් කියා සිට ඇත්තේ, “දෙකක් හොඳයි. මම තුන්දෙනා සමග සාර්ථකව කටයුතු කරන්නේ කෙසේදැයි මම දන්නේ නැහැ. මම ස්ථිරවම වෙහෙසට පත්වෙමි.” ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *