දිනූ අපේක්ෂකයන් ලබන සතියේ ගැසට් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ලබන සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සදහන් කරනු ලැබේ.

අදාළ නාමලේඛන සකස් කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී ආරම්භ කරනු ඇත.

මේ අතර සමානුපාතික ක්‍රමයට ලැබුණු ආසනවලට සුදුසු මන්ත්‍රීවරුන් පත් කරගත යුතු බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

එසේම නව පළාත් පාලන ආයතන ලබන මස පළමු සතියේ කැඳවන බව පළාත් පාලන අමාත්‍යාශය සදහන් කරයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසීය.

නව පළාත් පලාන අයතන සම්බන්ධයෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමටද අමාත්‍යංශය සැළසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *