ඊශ්‍රායල අගමැතිට එරෙහිව දූෂණ චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇත.

අල්ලස් ගැනීම, දූෂණය සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා සම්බන්ධ නඩු විභාග දෙකකට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ඊශ්‍රායල පොලීසිය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම චෝදනා පදනම් විරහිත බවත් තමා තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරන බවත් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.

පුවත්පතක අලෙවිය වැඩිකිරීමට උපකාර කරන බව පොරොන්දු වෙමින් තමාගේ දේශපාලන කටයුතු සඳහා ප්‍රචාරනය ලබාගැනීමට උත්සාහ කිරීම නෙතන්යාහුට එල්ලවී ඇති එක් චෝදනාවකි.

2009 වසරේදී ඊශ්‍රායල ව්‍යාපාරික අර්නොන් මිල්චාන් ඇතුළු සිය ආධාරකරුවන්ගෙන් අමෙරිකා ඩොලර් දෙලක්ෂ අසූතුන් දහසක ත්‍යාග ලබාගැනීම ඔහුට එල්ලවී ඇති දෙවන චෝදනාව වේ.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ නිෂ්ඵල වනු ඇති බව අගමැතිවරයා පෙන්වා දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *