ඉතියෝපියා අගමැති සිය ධුරයෙන් හදිසියේ ඉවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉතියෝපියා අගමැති හෙයිල්මරියම් ඩිසැලින් හදිසියේ සිය ධුරයෙන් ඉවත්වී තිබේ.

ජනතාවගෙන් හා විපක්ෂයෙන් අඛණ්ඩ විරෝධයක් එල්ලවීම ඊට හේතුව වේ.

වසර ගණනාවක් පුරා පැවති නොසන්සුන්තාව සහ දේශපාලන කැළඹිලි සහගත තත්ත්වය අවසන් කිරීම සිය බලාපොරොත්තුව බව හෙයිල්මරියම් ඩිසැලින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉතියෝපියා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු තවදුරටත් කියාසිටියේ රට තුළ තිරසර සාමය ස්ථාපිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කරා යාමට උපකාරීවන ප්‍රතිපත්තිවලට ඉඩදිය යුතු බවය.

හෙයිල්මරියම් ඩිසැලින් ඉතියෝපියාවේ ජනාධිපති ධූරයට පත්වූයේ 2012 වසරේ දී ය. එහෙත් ඔහුගේ පාලන කාලය තුළ පැවති උද්ඝෝෂණවලින් පුද්ගලයින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

පවතින දේශපාලන අර්බුධකාරී තත්ත්වයත් සමග තවදුරටත් ජීවිත අහිමිවීම සිදුනොවිය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *