වියලි කාලගුණය විදුලි නිෂ්පාදනයට අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට අභියෝග එල්ල විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසය. වැසි රහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජල විදුලි බලාගාරවල හා කුඩා ජල විදුලි බලාගාරවල විදුලිය නිෂ්පාදනයට බලපෑම් එල්ල වී තිබේ.

ප්‍රධාන හා කුඩා ජල විදුලි බලාගාරවලින් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙන විදුලිය ප්‍රමාණය මෙගාවොට් 1,725ක්. කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 58.07ක්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සියයට 63.01ක්, කොත්මලේ ජලාශයේ සියයට 35.04ක්, වික්ටෝරියා ජලාශයේ සියයට 71.03ක් හා රන්දෙණිය ජලාශයේ 48.9ක් ලෙස දැක්වේ.

වියලි කාලගුණික තත්වය අඛණ්ඩව ඉදිරියට පැවතුනහොත් ජල විදුලි නිෂ්පාදනයට සීමා ඇති විය හැකි බවයි, සුලක්ෂණ ජයවර්ධන මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *