යාල ජාතික වනෝද්‍යානයෙන් 2017 වසරේදී වාර්තාගත ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – යාල ජාතික වනෝද්‍යානය 2017 වසරේදී වාර්තාගත ආදායමක් උපයා ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සදහන් කරයි.

යාල ජාතික වනෝද්‍යානය මෙරට පිහිටි ජාතික උද්‍යාන අතුරින් 2017 වසරේ වැඩි ම ආදායමක් උපයා ඇති බව අමාත්‍යංශය පැවසීය.

ඒ අනුව 2017 වසරේ යාල ජාතික වනෝද්‍යානය රුපියල් මිලියන 700.58ක ආදායමක් උපයාගෙන ඇත.
එමෙන් ම එම වසරේ වැඩි ම සංචාරකයින් පිරිසක් වන 397,122ක පිරිසක් පැමිණ ඇත්තේ ද යාල ජාතික වනෝද්‍යානයට වන අතර මේ අතරින් 207,927ක පිරිසක් දේශීය සංචාරකයින් වන අතර 189,195ක් විදේශ සංචාරකයින් ය.

එමෙන් ම රුපියල් මිලියන 358.44ක ආදායමක් උපයා ගනිමින් උඩවලව ජාතික වනෝද්‍යානය දෙවන ස්ථානයේ පසුවන අතර එම උද්‍යානයට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 236,867කි.

හෝටන් තැන්න ජාතික උද්‍යානය රුපියල් මිලියන 361.09ක් උපයාගෙන ඇත.

2017 වසරේ දී ජාතික උද්‍යාන සඳහා සංචාරක පැමිණීම 1635,467ක් වන අතර ඒ හරහා රුපියල් මිලියන 2,040.51ක ආදායමක් උපයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *