විදෙස් ශ්‍රමිකයින් ගැන ඩුබායි රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්‍ෂාව, සුබසාධනය මෙන්ම නීති විරෝධී මිනිස් වෙළෙදාමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ විදේශ රැකියා අමාත්‍යංශයේ දී පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹෙන ලදි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් මෙම ගිවිසුම් අත්සන් කළාය. එක්සත් අරාබි එමීර් රජය නියෝජනය කරමින් එරට මාවන සම්පත් අමාත්‍ය නසාර් තානි අල් හමාලි මහතා අත්සන් කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් තලතා අතුකෝරල අමාත්‍යවරිය කියා සිටියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමගම මිනිස් වෙළෙඳාමට එරෙහිව නීති තදින් ක්‍රියාත්මක කිරීමට හැකිවන බවයත එමගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සුරක්‍ෂිතව ඩුබායි රාජ්‍යයේ සේවය කිරීමට හැකිවන බවත් එමගින් ශ්‍රමිකයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අවස්ථාව උදා වී ඇති බව අමාත්‍යවරියා වැඩිදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *