ඉරාන ගුවන් අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වූවන් සොයා කළ මෙහෙයුම් තාවකාලිකව නවතයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරානයේ සිදු වූ ගුවන් අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වූවන් සොයා සිදුකෙරුණු මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

යානය කඩා වැටුණු සැග්රෝස් කඳුකර ප්‍රදේශයට අධික වර්ෂාවෙන් හා හිමපතනයෙන් බාධා එල්ල වීම ඊට හේතුව වේ.

කාලගුණය යහපත් අතට හැරුණහොත් යළිත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කරන බව බලධාරීන් සඳහන් කර තිබේ. ඊපී 3704 ගුවන් යානය ටෙහෙරාන් අගනුවරින් පිටත් වී පැයකට පමණ පසුවයි අනතුරට ලක්විය.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 60 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 6දෙනෙකු ගමන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *