තවත් ඉන්දීය ධිවරයින් පිරිසකට නිදහස

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තවත් ඉන්දීය ධීවරයින් පිරිසකට නිදහස ලබාදීමට තීරණය කොට තිබේ.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 110 දෙනෙකුට ඉදිරි සති දෙක ඇතුලත නිදහස ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යාංශය සදහන් කළේය.

මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේද අනුමැතිය පලවී තිබේ. ඒ අනුව නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව ඉන්දීය ධිවරයින් 110 දෙනා යලි එරටට භාරදීමට කටයුතු කරන බව ධීවර අමාත්‍යාංශය පැවසීය.

එම ඉන්දීය ධිවරයින් 110 දෙනාද ඇතුලත්ව දැනට ඉන්දීය ධිවරයින් 130 දෙනෙක් මෙරට අත්අඩංගුවේ පසුවේ.

ඉදිරි සති දෙක ඇතුලත ධිවරයින් 110 දෙනාට නිදහස ලබාදීමෙන් අනතුරුව ඉතිරි ධිවරයින් 20 දෙනාටද නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ධිවර අමාත්‍යාංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *