යුද ගැටුම්වලින් අවතැන් වූ උතුරේ ජනතාවට ස්ථිර නිවාස 50,000ක්

(කොළඹ, ලංකාපුවත්) –යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ උතුරේ ජනතාව වෙනුවෙන් ස්ථීර නිවාස 50,000ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ඊට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සම්පාදනය කරමින් පවතින බව උතුරු ළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

යුද ගැටුම් හේතුවෙන් වව්නියාව, මන්නාරම, යාපනය, කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල විශාල පිරිසක් අවතැන් භාවයට පත්විය. එම පවුල් යළි පදිංචි කරවීම අදියර කිහිපයක් ඔස්සේ සිදුකළ අතර ඔවුන්ට ස්ථීර නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළක් ද රජය ක්‍රියාවට නංවන ලදි.

අලුතින් තවත් නිවාස 50,000ක් මෙම වසර තුළ ඉදිකර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ. එමගින් උතුරේ යළි පදිංචිකළ පවුල්වල හා යුද ගැටුම්වලින් විපතට පත් පවුල්වල නිවාස ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳී යන බව පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.

මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා,

“වැඩි මුදල් ප්‍රමාණයක් උතුරු පළාතට වෙන් කරලා තියෙනවා.. ඉතින් ඒ නිසා සියළුම ගෙවල් වගේ නැවත නිර්මාණය කරන්න වෙලා තියෙනවා.. සිදුවෙච්ච හානිය පූර්ණය කිරීමට නිවාස 50,000කට මුදල් වෙන් කරලා තියෙනවා… ඒ වගේම සරණාගතයින්ට නැවත නිවාස ලබාදෙන්නට.. මේ නිසා 50,000කට මුදල් වෙන් කිරීම ප්‍රශ්නයට සෑහෙන ශක්තිමත් පිළිතුරක් කියලා අපි කල්පනා කරනවා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *