හෙට සිට කාලගුණයේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දැනට පවතින වියලි කාලගුණ තත්වයේ සුළු වෙනසක් හෙට(24) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින්වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

එසේම ගාල්ල,මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න්පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *