කුවේ‍ට් පොදු සමා කාලය දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – කුවේටයේ නීති විරෝධී අයුරින් රැදී සිටින්නන් සදහා එරටින් පිටවීමට ලබා දී තිබු පොදුසමා කාලය අප්‍රේල් මස 22වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන්කරයි.

මීට පෙර මෙම පොදු සමා කාලය ජනවාරි මස 29වන දින සිට පෙබරවාරි 22වන දින දක්වා ප්‍රකාශයට පත් කර තිබුණිත එම කාල සීමාව මෙලෙස දීර්ඝ කර තිබේ. එම කාලය තුළ දී කුවේට් රාජ්‍යයෙන් පිටවීමට සදහා ශ්‍රී ලාංකිකයින් 4000කට අධික ප්‍රමාණයක් එරට තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටිති.

මෙම පොදු සමා කාලය යට‍තේ නීත්‍යානුකූලව වීසා නොමැතිව කුවේට්හි වෙසෙන විදේශිකයන්ට නියමිත කාලය තුල අදාළ දඩ මුදල් ගෙවීමකින් තොරව හා අදාළ ආයතානවල විශේෂ අවසරයක් ලබා ගැනීමෙන් තොරව එර‍‍ටින් පිටවිය හැකිය. මෙසේ පිටවන අයට නීත්‍යානුකූල අයුරින් නැවත කුවේට් රාජ්‍යයට පැමිණීමට අවසර ලැබෙනු ඇත.

තවද මෙම සමා කාලය තුළ දී තමන් විසින් ගෙවීමට ඇති අදාළ සියළු දඩ මුදල් ගෙවා, වලංගු වීසා බලපත්‍රයක් ලබාගෙන තවදුරටත් කුවේට් රටේ රැදී සිටීමට ද අවසර ලබා දෙනු ඇත.

මේවන විට කුවේට් රාජ්‍යයේ 15,447කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් වලංගු වීසා නොමැතිව රැදී සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *